විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන අතර ඊයේ සාකච්ඡාවක් පැවත්වී තිබෙනවා
එම සාකච්ඡාව සඳහා ආරාධනා ලැබූ කණ්ඩායමෙන් බහුතරක් පැමිණ නොමැති බවටයි වාර්තා වන්නේ.
ඊයේ පස්වරු 7 ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, නවරෝහල පාරේ පිහිටි මොනාර්ච් ඉම්පීරියල් හෝටලයේදී පැවැත්වීමට තිබූ මෙම සාකච්චාවට විපක්ෂ නායක කාර්යාලය මගින් සියළුම ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන වෙත ඇරයුම් කර තිබූ බවද සඳහන්.
ලියා පදිංචි විදේශරැකියා නියෝජිත ආයතන 267 කට ආරාධනා කර තිබුනද සාකච්ඡාව සඳහා 30 ක පමණ පිරිසක් සහභාගී වූ බවයි වාර්තා වුණේ.
මෙම සාකච්චාවට විදේශ රැකියා නියොජිත ආයතන කැඳවීමේ වගකීම බාරගෙන තිබුනේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල සහ හෙක්ටර් අප්පුහාමි විසින් වන අතර සාකච්ඡාවට පිරිස අඩු වීම ගැන නායක සජිත් ප්‍රේමදාස අලවතුවල මන්ත්‍රීවරයාට සහ හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයාට දෝෂාරෝපණය කර ඇති බවද වාර්තා වුණා .