ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් දෙදෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එක්ව සිටිනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්වරුන් ජනාධිපතිවරයාට සහාය දෙන බව පවසා තිබෙනවා.
කොළඹ මල් පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයට පැමිණි ඔවුන් ජනපතිවරයා හමුවී මෙලෙස සහාය පළ කිරීමට එක්වී තිබෙනවා.
අංගජන් රාමනාදන් මහතා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා ලෙස ද කටයුතු කරමින් සිටිනවා.
දුෂ්මන්ත මිත්‍රපාල මහතා මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකු ද වනවා.