දකුණු කොරියාවේ හෝටලයක සිදු වූ ගිනිගැනීමකින් පුද්ගලයන් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
දකුණු කොරියාවේ බුචියොන් නගරයේ හෝටලයකයි මෙම ගින්න හට ගෙන ඇත්තේ.
ගින්නෙන් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
ගිනිනිවන දෙපාර්තමේන්තුව සපයා තිබූ මෙට්ටයක් මතට පැනීමට උත්සාහ කිරීමේදී පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එම මෙට්ටය ඔවුන් පැනීමත් සමග පෙරලීයාම හේතුවෙනුයි එම පුද්ගලයන් දෙදෙනා මියගොස් ඇත්තේ.
මියගිය අනික් පුද්ගලයන් 05 දෙනා එම හෝටලයේ 08 වන මහලේ කාමරයක සිටියදී සොයාගත් බවද සදහන්.
කෙසේ වුවද ගින්න සම්පූර්ණ හෝටලයටම පැතිරී ගොස් නැති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. ගිනිනිවීමට භාවිතා කරන උපකරණ හෝටලය සතු නොවීම හේතුවෙන් ගින්න පැතිරී ඇති බව ගිනි නිවන අංශ පවසනවා.