මෙවර ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු වූ අභිදුරුස් මුහම්මද් ඉල්යාස් මහතා අභාවප්‍රාප්ත වුණා.
පුත්තලම මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 80 වන වියෙහි පසුවුණා.
වෛද්‍යවරයෙකු වන ඉල්යාස් මහතා අසූව දශකයේ දේශපාලනයට පිවිසි අතර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටියේ සිලින්ජරය ලකුණෙනුයි.
ඔහු මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටියේ 4 වන වතාවටයි. ඔහු හිටපු පළාත් සභා මන්ත්‍රිවරයෙකු ද වනවා.