ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම වෙනස් කිරීමට උත්සාහ කිරීමෙන් සිදු වන්නේ රටට ලැබීමට තිබෙන මුදල් අහිමිවීම බව ජනාධිපති රනිල් වික්රෙමසිංහ මහතා පවසනවා.
අත්හිටුවා ඇති ව්‍යාපෘති යළි ආරම්භ කිරීමෙන් දෙස් විදෙස් ආයෝජන ගලායන විට ඉදිකිරීම් ක්ෂේත්‍ර ද දියුණු වන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.
සංවර්ධන හා ඉදිකිරීම් ක්ෂේත්රයේ වෘත්තීයවේදීන්ගේ හමුවකදීයී ජනාධිපතිවරයා මෙම කරුණු හෙලි කළේ.
දේශයේ අනාගතය ගොඩනැංවීම යන තේමාව යටතේ මෙය සංවිධාන කර තිබුණා.
රටක් ඉදිරියට ගෙන යාමට ස්ථාවර ආර්ථිකයක් අවශ්‍ය කෙරෙනවා.
එමෙන්ම රජය මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ආයතන මෙන්ම රටවල් 17 ක් සමඟ ගිවිසුම්ගතව ලබාගත හැකි සියලු සහන ලබාගෙන තිබෙන බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.