නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය බටහිර වෛද්‍ය මධ්‍යස්ථානයක් විශේෂ පරීක්ෂාවකට ලක් කර එම වෛද්‍ය මධ්‍යස්ථානයේ සිටි ආයුර්වේද වෛද්‍යවරයෙකු (21) රාත්‍රීයේදී දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රඹෑව ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ සේවයේ නියුතු ආයුර්වේද වෛද්‍යවරයෙක්.
මෙම ආයුර්වේද වෛද්‍යවරයා මහවිලච්චිය , මානින්ගමුව ප්‍රදේශයේ බටහිර වෛද්‍ය මධ්‍යස්ථානයක් නීති විරෝධී ලෙස පවත්වාගෙන ගොස් ඇති අතර මේ පිළිබඳව ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව එම ආයුර්වේද වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් බව මහවිලච්චිය පොලීසිය ප්‍රකාශ කළා.
මහවිලච්චිය – සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලැබුණු පැමිණිල්ලකට අනුව උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස්වරයාද දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ.
මෙම ආයුර්වේද වෛද්‍යයවරයා අද දින අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.