ලෝකයේ ඉහළම ශ්‍රේණිගත කිරීම ලැබූ මහ බැංකු අධිපතිවරුන් අතරට තේරී පත්වීමට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සමත්ව ඇත.
මෙම වසරේ මහ බැංකුකරුවන්ගේ ප්‍රගති වාර්තාවේ ඉහළම ශ්‍රේණිය වන “A ” ශ්‍රේණිය ලබාගත් මහ බැංකු අධිපතිවරුන්ගේ නම් ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව පසුගියදා ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාද “A ” ශ්‍රේණියෙන් පිදුම් ලබා තිබෙනවා.
මහ බැංකුකරුවන්ගේ ප්‍රගති වාර්තාව 1994 වසරේ සිට ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන අතර ප්‍රධාන රටවල්, කලාප සහ දිස්ත්‍රික්ක 100 කට අධික සංඛ්‍යාවක මහ බැංකු අධිපතිවරුන් ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් මෙම ශ්‍රේණිගත කිරීමට ඇතුළත් කරනු ලබනවා.
උද්ධමනය පාලනය, ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීම, මුදල් ඒකකයේ ස්ථාවරත්වය සහ පොලී අනුපාත කළමනාකරණය කිරීම සැලකිල්ලට ගනිමින් ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව ශ්‍රේණි ගත කිරීම ලබා දෙනු ලබනවා.
The Central Bankers earning an A+ grade in the Global Finance Central Banker Report Cards 2024 are:
Denmark Christian Kettel Thomsen
India Shaktikanta Das
Switzerland Thomas Jordan
The Central Bankers earning an A grade in the Global Finance Central Banker Report Cards 2024 are:
Brazil Roberto Campos Neto
Chile Rosanna Costa
Mauritius Harvesh Kumar Seegolam
Morocco Abdellatif Jouahri
South Africa Lesetja Kganyago
Sri Lanka Nandalal Weerasinghe
Vietnam Nguyen Thi Hong
The Central Bankers earning an A- grade in the Global Finance Central Banker Report Cards 2024 are:
Cambodia Chea Serey
Canada Tiff Macklem
Costa Rica Roger Madrigal Lopez
Dominican Republic Héctor Valdez Albizu
European Union Christine Lagarde
Guatemala Alvaro Gonzalez Ricci
Indonesia Perry Warjiyo
Jamaica Richard Byles
Jordan Adel Al-Sharkas
Mongolia Byadran Lkhagvasuren
Norway Ida Wolden Bache
Peru Julio Velarde Flores
Philippines Eli Remolona
Sweden Erik Thedéen
USA Jerome Hayden Powell