අභාවප්රාප්ත ඉරාන ජනාධිපති ඉබ්රහිම් රයිසි ගමන්ගත් හෙලිකොප්ටර් යානය කඩන් වැටීමට හේතුව අයහපත් කාලගුණය සහ යානය ට එහි බර පාලනය කිරීමට නොහැකිවීම හේතුවෙන් බව එරට රජයට සම්බන්ධ පුවත් ඒජන්සියක් වාර්තා කර තිබෙනවා.
පසුගිය මැයි මාසයේ සිදුවූ එම අනතුරින් ඉරාන ජනපතිවරයා එම ස්ථානයේදීම මියගොස් තිබුණා.
එම යානය අසර්බයිජාන් දේශසීමාව ආසන්නයේ කඳුකර ප්රදේශයකට කඩා වැටෙන විට එහි නියමිත ප්රමාණයට වඩා පුද්ගලයින් දෙදෙනෙක් ගමන්කර තිබූ බව අනාවරණය වී තිබෙනවා.