ඉන්දියාවේ ඖෂධ කම්හලක සිදු වූ පිපිරීමකින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ අනකාපල්ලි දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යනු ලබන අක්කර 40ක භූමි ප්‍රමාණයක පිහිටි පෞද්ගලික ඖෂධ කර්මාන්ත ශාලාවක නිෂ්පාදන ඒකකයේ මෙම පිපිරීම සිදු වී බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
පිපිරීමෙන් පසුව ගින්නක් ද හට ගෙන තිබෙන අතර නිලධාරීන් පවසන්නේ 40 දෙනෙකු මෙම පිපිරීමෙන් තුවාල ලබා ඇති බවයි.
ඉන් බොහෝ දෙනෙකුට රසායනික පිළිස්සුම් තුවාල සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.
කර්මාන්ත ශාලාවේ දිවා ආහාර විවේක කාලයේදීයි මෙම පිපිරීම සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.
සේවකයින් 380 ක් පමණ දිවා ආහාර ගනිමින් සිටි නිසා තුවාල ලැබූ හා මියගිය පිරිස් අවම වී ඇති බව කම්හල් සේවකයන් සඳහන් කරනවා.
රසායනික ප්‍රතික්‍රියාවක් පිපිරීමට හේතු වී ඇති බවට විශ්වාස කෙරෙනවා.