මන්නාරම මහ රෝහලේ කාන්තාවක් අධික ලෙස රුධිර වහනය වී මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් වෛද්‍යවරයෙක් හා සිව්
දෙනෙකුගේ සේවය සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඊයේ (20) දින අත්හිටුවා ඇති බවට වාර්තා වනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ මන්නාරම මුරුන්ගන් ප්‍රදේශයේ පදිංචි මරියරාජ් සිංදුජා නමැති 27 හැවිරිදි කාන්තාවක්.
එම කාන්තාව දරු ප්‍රසූතියක් සඳහා මුරුන්ගන් රෝහලට ඇතුළත් කර දරුවා ප්‍රසූත කිරීමෙන් පසු අධික ලෙස රුධිරය වහනය වී තත්ත්වය බරපතළ නිසා මන්නාරම මහ රෝහල වෙත මාරු කර තිබුණා.
එම අවස්ථාවේදී කාන්තාව මිය ගොස් ඇති බවයි වෛද්‍යවරුන් සඳහන් කළේ.
උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා සහ සෞඛ්‍ය අමාත්‍යංශ විසින් පරීක්ෂණයන් ආරම්භ කර ඇති අතර මන්නාරම රෝහලේ කාර්යභාර වෛද්‍යවරයා හා හෙදියන් දෙදෙනෙකු සහ පවුල් සෞඛ්‍ය සේවිකාවකගේ සේවය මෙසේ අත්හිටුවීමට පියවර ගත් බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා පවසන්නේ.