ඓතිහාසික ගෙඩිගේ රජමහ විහාරයේ තැම්පත් කොට තිබුණු සධාතුක පෙරහැර කරඩුව ශ්‍රී දළදා මාලිගාව වෙත වැඩම කරන දහවල් පෙරහැර වීදි සංචාරය කිරීම අද පස්වරුවේ සිදු වුණා .
පස්වරු 02.11ට යෙදුණු සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව පෙරහැර වීදි සංචාරයට එක්වූ අතර සධාතුක පෙරහැර කරඩුව වැඩම කරවන ලද්දේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් සිංහරාජා ඇතු විසින් .
මියන්රාජා හා කෝට්ටේ රාජා ඇතුන් දෑලේ ගමන් ගත්තා .
දිය කැපීමෙන් පසු නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන දේවාල දළදා පෙරහැරට එක්වූ අතර එම පෙරහැර ශ්‍රී දළදා මාලිගාව වටා තෙවරක් ප්රදක්ෂිණා කොට ශ්‍රී දළදා මාලිගාව වෙත ගෙවැදීම සිදු කළා .
දහවල් පෙරහැර සමඟ මහනුවර නගරයට වැසි ඇද හැලුණු අතර වර්ෂාව නොතකා සැදැහැවතුන් පෙරහැර මංගල්‍ය නැරඹීමට සහභාගී වී සිටියා .