ශ්‍රී ලංකාව තුළ ඉන්දියාව මැදිහත්වී සිදුකරන සියලු සංවර්ධන ව්‍යාපෘති ශ්‍රී ලාංකිකයන්ට වඩාත් ප්‍රයෝජනවත් වන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පවසනවා.
ඉන්දීය ආධාර වැඩසටහන් යටතේ ඩොලර් බිලියන තුනක වියදමින් මධ්‍යම පළාත තුළ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් දියත් කරන බව මහ කොමසාරිස්වරයා සඳහන් කළා.
ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ (20) සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් සහ මල්වතු මහා විහාරයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දැක උන්වහන්සේ සමඟ සාකච්ඡා කළ අවස්ථාවේදීයි.
ඉන්දීය රජයේ මැදිහත්වීම මත මෙරට විහාරස්ථාන හා පිරිවෙන් සඳහා සූර්යය පැනල සවි කිරීමේ ද ව්‍යාපෘතියක් තිබෙන බව සඳහන් කළා.
ඒ යටතේ බෞද්ධ විහාරස්ථාන 4000කට ද පිරිවෙන් 800කට සූර්යය පැනල සවි කිරීම ආරම්භ කොට ඇති අතර තවත් බෞද්ධ විහාරස්ථාන 3000කට ඉදිරියේදී සුර්යය පැනල සවි කිරීමට භාර දෙන බව ප්‍රකාශ කළ සිටියා.
ඒ අනුව දිස්ත්‍රික්ක 25 තුළ විවිධ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව ඔහු ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකාවේ උතුර සහ ඉන්දියාවේ දකුණ යා කරමින් ඉදිකිරීමට යෝජිත පාලම පිළිබද සාකච්ඡා කරන බව එවැනි ව්‍යාපෘතියක් මගින් ශ්‍රී ලංකාවට වැඩි වාසියක් අත්වනු ඇතැයි ද මහ කොමසාරිස්වරයා පවසනවා.