මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැරේ දිය කැපීමේ මංගල්‍යය අද පෙරවරුවේ ආරම්භ වුණා.
ඇසල පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රීයේ විථී සංචාරය කළා.
සවස 6.57ට යෙදුනු සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව ගමන් ආරම්භ කළ පෙරහැර දළදා විදීය, යටිනුවර විදීය, කන්දේ විදීය, ඩී එස් සේනානායක විදීය ඔස්සේ ගමන් කර රජවිදීයෙන් ඉහළට පැමිණ ගෙවැදීම සිදුවුණා.
අවසන් රන්දෝලි පෙරහැරෙන් අනතුරු මහනුවර ගැටඹ තොටේදී අද උදෑසන 6.50න් පසවු යෙදුණ සුබ මොහොතින් දිය කැපීම සිදුවු බවයි අප වාර්තාකරු සදහන් කළේ.
අවසන් රන්දෝලි පෙරහැර නිමාවත් සමග අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරයේ තැන්පත් කෙරුණු සධාතුක කරඩුව දිවා පෙරහැරෙන් දළදා මාලිගාව වෙත වැඩම කරවීමට නියමිතයි.
දේවාල පෙරහැර දළදා මාලිගාවේ පෙරහැර හා එක්වීම දිවා පෙරහැරේදී සිදුවනවා.
දහවල් පෙරහැර පැවැත්වීමෙන් අනතුරුව පෙරහැර සාර්ථකව නිමාවට පත්වු බව සදහන් සංදේශය දියවඩන නිලමේවරයා මහනුවර ජනපති මැදුරේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීම සිදුවනවා.