කොස්ගොඩ පොලිස් වසමේ, මහ ඉඳුරුව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයක අද (19) දහවල් දුම්රියක ලොරි රථයක් ගැටී අනතුරක් සිදුවී තිබෙනවා .
ගාල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක කොස්ගොඩ සිට පැමිණි දර පටවා ගත් ලොරි රථයක් මෙලෙස ගැටී ඇති බවයි පොලීසිය පවසන්නේ .
අනතුරින් ලොරි රථයේ පැමිණි දෙදෙනාගෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා .
මියගොස් ඇත්තේ අවුරුදු 55ක් වූ ඉඳුරුව ප්රදේශයේ පදිංචිකරුවෙක් .
තුවාල ලැබූ අනෙක් පුද්ගලයා රෝහල් ගත කර ඇති අතර ඔහුගේ තත්ත්වය ද බරපතළ බවයි පොලිසිය සිටියේ .