රාජ්‍ය සේවක මූලික වැටුප් ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණයේ දී ජීවන වියදම් දීමනාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් පමණක් තොරතුරු වාර්තාකර ඇති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
දීර්ඝ කාලයක් මූලික වැටුප් ගැලපීම් සිදුකර නොමැති බැවින් කැබිනට් මණ්ඩලය මූලික වැටුප් ඉහළ නැංවීමේ තීරණයට එළඹි බවයි අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
කැබිනට් මණ්ඩලය ගත් මෙම තීරණය වසර තුනක් නොවෙනස්ව පවතින බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ.