ඊශ්‍රායලය ගාසා තීරයේ අවතැන් කඳවුරකට එල්ල කළ ප්‍රහාරයකින් එකම පවුලේ සාමාජිකයින් 15 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මධ්‍යම ගාසා ප්‍රදේශයේ අවතැන් කදවුරකටයි ඊශ්‍රායල ප්‍රහාරය එල්ල වී ඇත්තේ.
ගබඩා සංකීර්ණයක පිහිටුවා තිබු එම අවතැන් කඳවුරේ රැදි සිටි එකම පවුලේ 15 දෙනෙකු මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
එකම පවුලේ 15 දෙනාට අමතරව තවත් සාමාන්‍ය වැසියෙකු ද ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
මිය ගිය පිරිස අතරට කාන්තාවන් 3න් දෙනෙකු ද ඇතුලත්. ගබඩා සංකීර්ණය වෙත ඊශ්‍රායලයේ මිසයිල ප්‍රහාර තුනක් එල්ල වී ඇති බව ද සදහන්.