තම බිරියට ගිනි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැක පිට ඇයගේ සැමියාව අත්අඩංගුව ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 43 හැවිරිදි වෙන්නප්පුව ප්රදේශයේ පදිංචි අයෙක්.
පෙට්රල් දමා ගිනි තැබීමෙන් පසු බරපතළ තුවාල ලබා සිටි කාන්තාව රෝහලට ඇතුළත් කළ බව සඳහන්.
ඉන් අනතුරුව ඇය මිය ගිය ගොස් ඇති බවයි වෙන්නප්පුව පොලිසිය සඳහන් කළේ. මෙම සිද්ධියට හේතුව දෙදෙනා අතර ඇති වූ ආරවුලක් දිග යෑමක් බවට මූලික විමර්ශනවල දී අනාවරණ වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.