තම රජයක් යටතේ අධ්‍යාපන උපකරණ, ඖෂධ හා ආහාර මුළුමනින්ම බදුවලින් නිදහස් කරන බව ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කෙරෙන තංගල්ල ජනරැළියේදී ඒ මහතා මේ බව කියා සිටියා.
මෙය එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාගේ පළමු ජන රැලියයි. දකුණු පළාතම ආවරණය වන පරිදි තංගල්ල මාතර සහ ගාල්ල යන නගරවලදී ජාතික ජනබලවේගයේ ජනරැලි අද දිනයේ පැවැත්වෙනවා.
රුහුණ පෙරට රට අනුරට යන මැයෙන් මෙම ජනරැලි සංවිධාන කර තිබෙනවා. වර්ෂාව මධ්‍යයේ විශාල පිරිසක් ජනහමුවලට එක්ව සිටියා.