අනීතිකව දේශපාලන උවමනාවන් මත ලබාදී ඇති සියලුම බලපත්‍ර තම රජයක් යටතේ අහෝසි කරන බව ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
සමගි ජන සන්ධානයේ බණ්ඩාරගම පැවති ජන රැළියට සහභාගි වෙමිනුයි විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ.
සමගි ජන සන්ධානය සංවිධාන කරන ජන රැළි මාලාවේ දෙවන රැළිය බණ්ඩාරගමදී පැවැත්වුණා. මේ සදහා දේශපාලන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.