තුර්කි පාර්ලිමේන්තුවේ සිදුවූ ගුටිබැට හුවමාරුවකින් මන්ත්‍රීවරුන් තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ආණ්ඩුව පෙරළා දැමීමට උත්සාහ කිරීමේ චෝදනාව මත වසර 18ක සිරදඬුවම් නියමව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට නැවතත් පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩදිය යුතු බවට විපක්ෂ මන්ත්‍රීවරයෙකු වන අටලේ ඉල්ලීම් කිරීමත් සමගයි මෙම ගැටුම හටගත්තේ.
මෙම ප්‍රකාශයට උරණ වූ පාලක ඒ කේ පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ඔහුට පහර දීමත් සමග තුර්කි පාර්ලිමේන්තු සභිකයින් අතර ගුටි බැට හුවමාරුව ආරම්භ වුණා.
සිරදඬුවම් නියමව සිටින පුද්ගලයා සිරගතව සිටියදීම පසුගිය වසරේ පැවති මැතිවරණයට ඉදිරිපත්ව ජය ගැනීමට සමත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ගැටුම හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ ලේ වැගිරී ගිය බවයි.
මේ පිළිබඳ එරට පාර්ලිමේන්තු මට්ටමින් පරීක්ෂණයක්ද ක්‍රියාත්මක යි.