දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට පිහිටි වෙළෙද සැලක ඇති වූ ගින්නකින් එම වෙළදසැල සම්පූර්ණයෙන්ම විනාශ වුණා.
බෑග්, කාඩිබෝඩ් පෙට්ටි සහ කෘෂි උපකරණ අලෙවි කරන වෙළෙදසැලකයි මෙම ගින්න හටගෙන තිබෙන්නේ.
ගින්නට හේතුව විදුලි කාන්දුවක් වියහැකි බවටයි සැක කෙරෙන්නේ.
දඹුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය ප්‍රදේශවාසීන් හා පොලීසිය එක්ව එය මැඩපැවැත්වීමට කටයුතු කළා.
අනෙකුත් වෙළෙදසැල්වලට ගින්න පැතිරයාම වැළැක්වීම සදහා විශේෂ පියවර ගෙන තිබුණා.
මේ අතර පූඩළුඔය, සීන්වත්තේ ඇතිවූ ගින්නකින් නිවාස 24ක් විනාශ වුණා. එක් නිවසක ඇතිවූ ගින්න සෙසු නිවාස වලට ශීඝ්‍රයෙන් පැතිර ගිය බවයි අප වාර්තාකරු කියාසිටින්නේ.
ගින්නෙන් නිවාස අහිමි වූ අය තාවකාලිකව ආරක්ෂිත ස්ථානයක රදවා තිබෙනවා.