මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ තුන්වන රන්දෝලි පෙරහැර අද (17) රාත්‍රියේ වීථි සංචාරය කෙරෙනවා.
රාත්‍රී 6.51ට යෙදෙන සුබ මොහොතින් වයඹ දිශාබිමුඛව පෙරහැර ගමන් ආරම්භ කිරීමට නියමිතයි.
විශ්ණු, කතරගම, නාථ හා පත්තිනි යන සිව්මහා දේවාල පෙරටුකොටගත් පෙරහැර ගමන් කෙරෙනවා.
දළදා වීථිය, කොටුගොඩැල්ල වීථිය, කොළඹ වීථිය, යටිනුවර වීථිය, කුමාර වීථිය, හරස් වීථිය, සේනානායක වීථිය ඔස්සේ පෙරහැර ගමන් කර රජ වීථියෙන් යළි දළදා මාලිගාව වෙත පිවිසීමට නියමිතයි.
ඊයේ දිනයේ ක්‍රියාත්මක වූ දෙවන රන්දෝලි පෙරහැර නැරඹීමට විශාල පිරිසක් එක්ව සිටියා.