ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා මහනුවර ශ්‍රී දළදා මාලිගාවට ගොස් ආගමික වතාවත්වල නිරත වුණා.
ශ්‍රී දළදා මාලිගාවට පැමීණි නාමල් රාජපක්ෂ මහතා පිළිගනු ලැබුවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසිනුයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද දළදා මාලිගාවේදී ආගමික වතාවත්ල නිරත වුනා.
අනතුරුව මලුවතු මහාවිහාරයට ගිය නාමල් රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් මල්වතු පාර්හ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන්වහන්සේ බැහැදුටුවා.
අනුනායක පූජ්‍ය දීඹුල්කුඹුරේ විමලධම්ම ස්වාමීන්වහන්සේ ද මෙහිදී බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.
අස්ගිරි මහාවිහාරය වෙත ගොස් අස්ග්රි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන ස්වාමීන්වහන්සේ බැහැදුටුවා.
මහාසංඝරත්නයේ ආශිර්වාද ලබාගැනීමෙන් පසු නාමල් රාජපක්ෂ මහතා හා මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වුවා.