කළු ගඟෙහි උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට ලැබෙන සැලකිය යුතු වර්ෂාපතනය හේතුවෙන් ඒ අවට ප්‍රදේශ කිහිපයකට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඉදිරි පැය 48 තුළ මෙම තත්ත්වය තවත් වර්ධනයවීමේ පවතින බැවින් කළු ගඟ දෙපස ජනතාව දැඩි සැලකිල්ලකින් පසුවන ලෙසටයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.
ඒ අනුව බුලත්සිංහල, මදුරාවල හා පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල කුඩා ගඟ සහ මදුර ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා ඇති බව සඳහන්.