නේපාලයේ හිමාල කඳුවැටියේ ග්ලැසියර දියවීම හේතුවෙන් ඒ අසල ගම්මානයක් අයිස් ගංවතුරට ගොදුරුවී තිබෙනවා.
නේපාලයේ එවරස්ට් කලාපයේ ෂර්පා ප්‍රදේශයේ තේම් ගම්මානයයි මෙම අයිස් ගංවතුරට හසුව ඇත්තේ.
කඳුකරයේ මීටර 3600ක උසින් පිහිටි ග්ලැසියර විලක ඉවුරු කැඩී යාමත් සමග ගංවතුර තත්ත්වය හට ගත්තා.
දේශගුණික විපර්යාස හේතුවෙන් හිමාල කඳුකරයේ ග්ලැසියර විශාල ප්‍රමාණයක් දියවී යන බවට විද්‍යාඥයන් අනතුරු අඟවා තිබෙනවා.
සිද්ධියෙන් පුද්ගල මරණ හෝ තුවාල කිසිවක් වාර්තා වී නැහැ.
එහෙත් ගංවතුරෙන් නිවාස, පාසල් හා සෞඛ්‍ය සායනයක් ඇතුළු ගොඩනැගිලි රැසක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
තේම් යනු බොහෝ එවරස්ට් කඳු නගින්නන්ගේ නිවහන වන අතර ගවේෂක එඩ්මන්ඩ් හිලරි සමඟ එවරස්ට් කන්ද තරණය කළ පළමු පුද්ගලයා වන ෂර්පා ටෙන්සිං නෝර්ගේ ද එහි සිට තිබෙනවා.