පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වය පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, හෙට (17) පෙ.ව 05.45 තෙක් වලංගු වන පරිදියි.
ඊට අනුව මෙරටට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අද සහ හෙට දිනයේදී අපේක්ෂා කළ හැකි බව සඳහන්.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි. මී 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි.
මෙලෙස පවතින ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු අනතුරු අවම කරගන්නා ලෙසයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.