ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ඇති කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡා අද දිනයේ දී ද පැවැත්වීමට නියමිතයි.
පසුගිය වසරේ ඔක්තෝබර් 7 වන දින සිට මේ දක්වා ඊශ්‍රායල ප්රහාරයන්ගෙන් මිය ගිය පලස්තීන වැසියන් සංඛ්‍යාව 40000 ඉක්මවා තිබෙනවා.
එවැනි පසුබිමකයි දෙපාර්ශවය අතර සටන් විරාම ගිවිසුමක් හා ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇත්තේ.
දෝහා හිදී ඊයේ සාකච්ඡා ආරම්භ වු අතර අද දිනයේ ද එම සාකච්ඡා පැවැත්වෙනු ඇති බවට වාර්තා වනවා.
ඊයේ දෝහා හීදි පැවති සාකච්ඡා සදහා ඊශ්‍රායල / ඇමෙරිකා / කටාර් හා ඊජිප්තු නියෝජිතයින් සහභාගී වුවා.
දෙපාර්ශවය අතර සටන් විරාමයක් ඇති කිරීම සදහා වන ගිවිසුමක් පසුගිය මැයි මාසයේ දී ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා ඉදිරිපත් කළා.