ශ්රී ලංකාවෙන් පිටත්ව යන ශ්රී ලංකාවේ පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්.එච් සෙයිඩ් මහතා පසුගියදා (07) පාර්ලිමේන්තුවේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවුණා.
මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද එක්ව සිටියා.
මෙම හමුවේදී කථානායකවරයා පලස්තීනයේ වත්මන් තත්ත්වය පිළිබඳව විමසා සිටියා.
මෙහිදී අදහස් දක්වමින් පලස්තීන තානාපතිවරයා වර්තමානයේ පලස්තීනය මුහුණ දී සිටින ආර්ථික, සමාජීය සහ මානුෂීය ගැටලු පිළිබඳව දැනුවත් කළා.
දුෂ්කර අවස්ථාවන්හිදී පලස්තීනය වෙනුවෙන් සහයෝගය ලබාදුන් සියලුම ශ්රී ලාංකිකයන් වෙනුවෙන් තානාපතිවරයා සිය කෘතඥතාව කථානායකවරයා වෙත පළ කළා.
ශ්රී ලංකාවේ සේවය කළ කාලය තුළ, තමන් වෙත දැක්වූ සහයෝගය පිළිබඳව ශ්රී ලංකාවට ස්තුතිය පළ කළ තානාපතිවරයා දෙරට අතර ඓතිහාසික සබඳතා තවදුරටත් වර්ධනය කරගත යුතු බව අවධාරණය කළා.
ප්රජාතන්ත්රවාදී මැතිවරණ පවත්වා ජයග්රහණය කිරීමෙන් පෞද්ගලික ආයෝජන ගෙන්වා ගත හැකි බවද ඒ මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් පෙන්වා දුන්නා.
ශ්රී ලංකාව සහ පලස්තීනය අතර රාජ්ය තාන්ත්රික හා සංස්කෘතික සබඳතා ප්රවර්ධනය කිරීම සඳහා ශ්රී ලංකාවේ පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් මහතා දැක්වූ සහයෝගය පිළිබඳව කථානායකවරයා සිය ප්රසාදය පළ කළා.