ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් සිය නාමයෝජනා භාරදෙනු ලැබුවා.
ඒ, රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාවේදීයි.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් සියළු දෙනාම පාහේ මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ නාමයෝජනා භාරදීම සිදුකරනු ලබනවා.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සිය නාමයෝජනා භාරදෙනු ලැබුවා.
ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ද ජනාධිපතිවරණය වෙනුවෙන් සිය නාමයෝජනා භාරදෙනු ලැබුවා.
ඒ, රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාවේදීයි.
ඒ අනුව මේ වනවිට සියළු ප්‍රධාන ජනපති අපේක්ෂකයින් නාමයෝජනා භාර දී අවසන්.
මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 40 දෙනෙකු ඉදිරිපත් වන අතර ඔවුන් සියළු දෙනාම මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා.