මනූෂ නානායක්කාර මහතාව සමගි ජනබලවේගයෙන් ඉවත් කිරීමත් සමඟ පුරප්පාඩු වූ මන්ත්‍රීධුරය සඳහා බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතාගේ නම ගැසට් කර තිබෙනවා.
ඒ, මැතිවරණ කොමිෂන් සභාව විසින්.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ තෙවැනියා බවට පත් වූ බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතාට පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව හිමි වනු ඇති.
පක්ෂයේ තීරණවලට පටහැනිව අමාත්‍ය ධුර ලබා ගැනීම හේතුවෙන් මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමටයි සමගි ජනබලවේගය කටයුතු කළේ.
ඊට එරෙහිව ඔවුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කළ අතර එහි දී අධිකරණය එය නීත්‍යානුකූල බවට නියෝග කළා.
ඒ අනුව ඔවුන්ගේ මන්ත්‍රීධුර අහිමි වුණා.