පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දෙසිය විසිපස් දෙනාගේ ජීවිත හා දේපළ ආරක්ෂා කරගැනීම සඳහා පිස්තෝලයට අමතරව අලුතින් රිපීටර් අවි ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා.
පාර්ලිමේන්තු මහලේකම් වෙත ආරක්ෂක අමාත්‍යාංශය දැනුම්දී ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 225ට රිපීටර් ගිනි අවි ලබාදීමට හැකි බවයි.
ඒ, අනුව ඊයේ වන විට මන්ත්‍රිවරුන් 5දෙනෙකු පමණ රිපීටර් ගිනි අවි ලබාගැනීම සඳහා අයදුම් කර තිබෙනවා.
ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරියෙක් කියා සිටියේ, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ පුද්ගලික ආරක්ෂාවට නිකුත් කර ඇති චීනයේ නිෂ්පාදිත පිස්තෝල පැරණි ඒවා බවත්, ඇතැම් පිස්තෝල ක්‍රියාත්මක නොවන තත්ත්වයේ ඒවා බවයි.
මේ අනුව මන්ත්‍රිවරුන් තම ජීවිත හා දේපළ රැකගැනීමට අලුතින් රිපීටර් අවි ගෙන්වා ඇති බවත්, ඒ සඳහා මුදල් ගෙවා බලපත්‍ර ගාස්තුවක් යටතේ ලබාදීමට පියවර ගෙන ඇති බවත් ඔහු සඳහන් කළා.