බණ්ඩාරගම කළුතර මාර්ගයේ ගොරොක් ගස් හන්දිය ප්රදේශයේ ත්රීරෝද රථ දෙකක් එකිනෙක ගැටීමෙන් එක් රියදුරෙකුට බරපතළ ලෙස තුවාල ලබා රෝහල් ගත කළ බව බණ්ඩාරගම පොලීසිය පවසනවා.
තුවාලකරු බණ්ඩාරගම ගම්මන්පිල ප්රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බණ්ඩාරගම පොලීසිය පවසන්නේ බණ්ඩාරගම සිට කළුතර දෙසට ත්රීරෝද රථය ධාවනය කර ඇති අතර වම් අත දිසාවේ නතර කර ආපසු බණ්ඩාරගම දෙසට හැරවීමත් සමඟ ත්රීරෝද රථය දෙක එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුර සිදුකළ බණ්ඩාරගම අටුළුගම මහවත්ත ප්රදේශයේ පදිංචි ත්රීරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පානදුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයයි.