ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමේ කාලය අද දහවල් 12 න් අවසන් වනවා.
මෙවර ජනාධිපතිවරණය සඳහා ඊයේ පස්වරුව වන විට 36 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබුණා.
පිළිගත් දේශපාලන පක්ෂ 19 කින් හා තවත් පක්ෂයක් මෙන්ම ස්වාධීන අපේක්ෂකයින් 16 දෙනෙකු මෙසේ ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැනපත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.
ඇප මුදල් තැන්පත් කිරීම් අද දහවල් 12 න් අවසන් වන අතර ජනාධිපතිවරණ සඳහා නාමයෝජනා භාර ගැනීම හෙට පෙරවරු 09ට ආරම්භ වනවා.
නාම යෝජනා භාර ගන්නා හෙට දිනයේ මැතිවරණ කාර්යාලය ආශ්රිත ප්රදේශයේ විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ක්රියාත්මක කිරීමටයි පොලීසිය කටයුතු යොදා ඇත්තේ.