සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රාජිත සේනාරත්න මහතා මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහාය පලකරන බව මීට සුළු මොහොතකට පෙර ප්රකාශ කළා.
ජනාධිපති රනිල් වික්රමසිංහ සහ රාජිත සේනාරත්න මහත්වරුන් අතර ” රාජිතගේ තීරණය” සම්මුතියට ද මෙහිදී අත්සන් කර තිබෙනවා.
මෙහිදී අදහස් දැක්වූ රාජිත සේනාරත්න මහතා පැවසූයේ රනිල්ට තව වසර පහක් දුන්නොත් ලංකාව ලෝකයේ නූතන දේශයක් බවට පත්වන බවට කිසිම සැකයක් නැති බවයි.
ජනතා සුභ සිද්ධිය වෙනුවෙන් රට ගොඩනැගීම සඳහා රනිල් වික්රමසිංහ මහතාට කොන්දේසි විරහිතව සහාය දෙන බව කී රාජිත සේනාරත්න මහතා සැප්තැම්බර් 22 වැනිදා වන විට රටේ නියත ජනපති වන්නේ රනිල් බවට කිසිම සැකයක් නොමැති බවද ප්රකාශ කළා