අට ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවියක් වසර දෙකක පමණ කාලයක සිට සමූහ දූෂණයකට ලක්කළ බව කියන සිද්ධියක් හොරණ ප්‍රදේශයෙන් වාර්තා වනවා.
එම සිද්ධිය සම්බන්ධයෙන් කොන්දොස්තරවරයෙකු ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අතර හොරණ රෙමුණ ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙක් කළුතර, දියගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකු සහ ඇය නිවසක රඳවා ගැනිමට අනුබල දුන් පුද්ගලයෙක් වනවා.
අත්අඩංගුවට පත්වූවන් අතර දෙදෙනකු විවාහකයින් බවත් ඉන් එක් අයෙකු වයස 60 ඉක්මවූ අයෙකු බවද පොලීසිය ප්‍රකාශ කළා
දැරිය සිය රෝගී දෙමව්පියන් සහ වැඩිමහල් සොහොයුරා සමග එකට ජීවත්ව සිට ඇති අතර, නිවසේ අගහිඟකම් හේතුවෙන් මුදල් සහ වෙනත් දෑ ලබාදෙමින් දැරිය රවටා වසර දෙකක පමණ කාලයක සිට සමූහ දූෂණයට ලක්කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
අත්අඩංගුවට ගෙන ඇති පෞද්ගලික බස් කොන්දොස්තරවරයා මාසයකට පමණ පෙර දැරිය හොරණ රෙමුණ ප්‍රදේශයේ නිවසට කැටුව ගොස් රඳවා තබාගෙන අතවර කර ඇති අතර, මෙම දැරිය නිවසෙන් අතුරුදහන් වීම සම්බන්ධයෙන් කළුතර උතුර පොලීසියට ලද තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
එහිදී හොරණ රෙමුණ ප්‍රදේශයේ එම කොන්දොස්තරවරයාගේ නිවසේදී මෙම දැරිය සොයා ගත් බව කළුතර උතුර පොලීසිය ප්‍රකාශ කළා.
ඉන් පසුව දැරියගෙන් සිදුකරන වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, එම කොන්දොස්තරවරයා දැරිය පැහැරගෙන යාමට පෙර වසර කිහිපයක සිට විවිධ පුද්ගලයින් විසින් ඇයව බරපතළ ලිංගික අපයෝජනයට සහ දූෂණයට ලක් කර ඇති බවයි.
දැරිය මේ වනවිට කළුතර, නාගොඩ ශීක්ෂණ රොහලට ඇතුළත් කර ඇති අතර, සැකකරුවන් කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.