නාල්ල, කීලම්පිටිය ප්රදේශයේ මා ඔය හරහා එගොඩ වීමට ගිය පුද්ගලයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (12) දහවල් කාලයේ එම සිද්ධිය වාර්තා වූ බවයි පොලීසිය පවසන්නේ.
මරණකරු නාල්ල, දිවුල්දෙණිය ප්රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ෂණ වලදී අනාවරණය වන්නේ මරණකරු තවත් පුද්ගලයෙකු සමඟ මා ඔය හරහා එගොඩ වීමට යාමේදී සැඩ පහරකට අසුවී ගසාගෙන ගොස් දියේ ගිලී ඇති බවයි.
මේ පිලිබඳ වැඩිදුර විමර්ශන නාල්ල පොලීසිය විසින් සිදු කළා.