රුපියල් මිලියන දහසක වන්දියක් ඉල්ලා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා නීතිපතිවරයා ඇතුළු ආගමන හා විගමන නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ අද නඩුවක් ගොනු කළා.
ඉකුත් යහපාලන රජය සමයේ කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ආගමන හා විගමන පනත යටතේ අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීම තුළින් සිය කීර්තියට සිදුවූ හානිය වෙනුවෙන් මෙම වන්දි මුදල ලබාදෙන ලෙසයි වීරවංශ මහතා ඉල්ලා සිටින්නේ.
එහි විත්තිකරුවන් ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බලයලත් නිලධාරී එරංග රඹුක්වැල්ල, ජ්‍යෙෂ්ඨ බලයලත් නිලධාරී සුජීව රත්නායක හා නීතිපතිවරයා නම් කර තිබෙනවා.
ඔහු පවසන්නේ 2015 වසරේ ඔක්තෝබර් මස 23 වනදා විදේශීය රටවල් තුනක පැවති සම්මන්ත්රණ වලට සහභාගි වීම සඳහා ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන්තොටුපොළට පැමිණි බවයි.
එහිදී ආගමන හා විගමන නිලධාරීන් දත්ත පද්ධතිය පරීක්ෂා කර තමාගේ රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය අක්‍රිය ගුවන් බලපත්‍රයක් බව ප්‍රකාශය කළ බවද පැමිණිලිකරු පවසනවා.
ඉන්පසුව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් තමන්ව අත් අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැරීමට කටයුතු කළ බවද විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළා.
ආගමන හා විගමන පනත යටතේ තමන්ට එරෙහිව ගොනු කෙරුණු නඩුව වසර 09 කට ආසන්න කාලයක් විභාග කිරීමෙන් අනතුරුව තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ බවත් මේ තුළින් සිය කීර්තියට දැඩි හානියක් සිදුවූ බවත් ඊට වන්දි ලබාදෙන ලෙසත් වීරවංශ මහතා ඉල්ලා සිටිනවා.