දංඕවිට පොලිස් වසමේ සිදු වූ රිය අනතුරකින් වයස අවුරුද්දක පමණ කුඩා දරුවෙක්, කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
නවතා තිබූ ලොරි රථයක ත්රිරෝද රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත්තේ.
මියගිය පිරිමි පුද්ගලයා ත්රිරෝද රථයේ රියදුරු වන අතර කුඩා දරුවා සහ කාන්තාව ද ත්රිරෝද රථයේ සිටි අය වනවා.
අනතුර සිදුවන අවස්ථාවේ ත්රිරෝද රථයේ හය දෙනෙකු ගමන් කර ඇති අතර සෙසු තිදෙනා රෝහල් ගතකර ඇති බව සඳහන්.