ජනාධිපතිවරණය නිරීක්ෂණය සදහා දේශීය මෙන්ම ජාත්‍යන්තර සංවිධාන රැසක් ඉල්ලීම් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.
රාජ්‍ය දේපල අව භාවිතය සම්බන්ධයෙන් සොයා බැලීමට කණ්ඩායම් කීපයක් පත්කර ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
ජනාධිපතිවරණයේ ඇප මුදල් තැන්පත් කිරීම ලබන 14 වනදා මධ්‍යහ්න 12න් අවසන් වනවා.
මේ වනවිට ජනාධිපතිවරණය සදහා 29 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
ජනාධිපතිවරණය සදහා වැඩිවන සෑම අපේක්ෂකයෙක සදහාම මිලියන 200ක අමතර වියදමක් දැරීමට සිදුවන බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරන්නේ.
ජනාධිපතිවරණයේ නාම යෝජනා භාරගැනීම ලබන 15 වනදා සිදුකිරීමට නියමිතයි.
මැතිවරණය සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 337ක් ලැබී තිබෙනවා.
නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 329ක් සහ ප්රචණ්ඩ ක්‍රියා පිළිබද පැමිණිලි 1ක් මෙන්ම වෙනත් පැමිණිලි 7ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරනවා.