ශ්‍රී ලංකාවේ රබර් වගාව මින් ඉදිරියට සාම්ප්‍රදායික නොවන ප්‍රදේශවලට ව්‍යාප්ත කිරීම කෙරෙහි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා.
ඒ අනුව ඒ ඒ ප්‍රදේශවලට ඔරොත්තු දිය හැකි, වගාවට සුදුසු මෙන්ම වැඩි කිරි අස්වැන්නක් ලබා ගත හැකි නව රබර් ප්‍රභේද හඳුනාගැනීමේ පර්යේෂණාත්මක වැඩ පිළිවෙළක් රබර් පර්යේෂණ ආයතනය විසින් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව මේ වනවිට නව ක්ලෝන 14ක පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති අතර තවත් ක්ලෝන 22ක පර්යේෂණ සිදු කෙරෙමින් පවතිනවා.
අවසානයේ දී අන්තර්වාර නිර්දේශ යටතේ ක්ලෝන 10ක් නිර්දේශයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකාවේ රබර් වගාව සාම්ප්‍රධායික නොවන ප්‍රදේශවලට ව්‍යාප්ත කිරීමට නම් ඒ ඒ ප්‍රදේශවලට සුදුසු රබර් විශේෂ හඳුනාගැනීම අත්‍යාවශ්‍ය නිසා ඒ සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන වශයෙන් රුපියල් මිලියන 20ක මුදලක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ඉල්ලීම පරිදි රජය විසින් ලබා දී තිබුණා.
මෙම රබර් ක්ලෝන පර්යේෂණ සඳහා යොදාගෙන තිබෙන්නේ රජය විසින් ලබා දෙන මුදල් මගින්.
මෙතෙක් කළුතර වැනි සාම්ප්‍රධායික රබර් වගා කළ ප්‍රදේශවලින් බැහැරව බදුල්ල, මොණරාගල හා අම්පාර වැනි වියලි දේශගුණයක් සහිත ප්‍රදේශවලට රබර් වගාව ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව මෙම වසර තුළ හෙක්ටයාර් 115ක අලුතින් රබර් වගා කිරීම මෙම සාම්ප්‍රධායික නොවන ප්‍රදේශ ආශ්‍රිතව සිදු කෙරෙනවා.