සුළු ජාතීන්ට එරෙහිව එල්ල වන ප්රහාර නැවැත්වීමට කටයුතු කරන බව බංග්ලාදේශ අන්තර්වාර රජය පවසනවා.
හිටපු අගමැති ෂෙයික් හසීනා ඉන්දියාවට පළා ගිය දා සිට හින්දු නිවාස, කෝවිල් හා ව්යාපාරික ස්ථානවලට විරෝධතාකරුවන් අඛණ්ඩව පහරදීම් සිදුකර තිබෙනවා.
බංග්ලාදේශයේ බහුතරයක් මුස්ලිම් භක්තිකයන් වන අතර ප්රධාන සුළුතර භක්තිකයන් පිරිස වන්නේ හින්දූන්.
ඔවුන් බොහෝ දෙනෙකු හසීනාගේ පක්ෂය වන අවාමි ලීගයේ ආධාරකරුවන් ද වනවා.
දිවුරුම් දීමෙන් පසු අතුරු කැබිනට් මණ්ඩලය සිය පළමු නිල ප්රකාශය නිකුත් කරමින් සඳහන් කළේ සුළුතර ආගමිකයන්ට එරෙහි ප්රහාර දැඩි කනස්සල්ලෙන් යුතුව හෙළා දකින බවයි.
කැබිනට් මණ්ඩලය පැවසුවේ එවැනි පිළිකුල් සහගත ප්රහාර විසඳීමට ක්රම සොයා ගැනීම සඳහා අදාළ විරෝධතා කණ්ඩායම් සමඟ වහාම සාකච්චා කරන බවයි.
හින්දු ප්රජාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය අවසන් කරන ලෙස ඉල්ලා ඊයේ දිනයේදී ද විරෝධතා පැවැත්වුණා. ඊට දහස් ගණනක් එක්ව සිටියා.