අද (12) සිට ලබන 19 වැනිදා දක්වා කළු විරෝධතා සතියක් ප්‍රකාශයට පත්කර ඇතැයි ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය පවසනවා.
එම සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ මහතා ප්‍රකාශ කළේ ගැසට් කරන ලද ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාවට සිය යෝජනා ඇතුළත් නොකිරීම හේතුවෙන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගන්නා බවයි.
මේ අතර, දිවයිනේ සියලු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් ග්‍රාම නිලධාරීන් අද(12) පෙරවරුවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිටට කැඳවා විරෝධතාවක නිරතවන බව ද, ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ මහතා ප්‍රකාශ කළා.