අපේ රටට විකල්ප නායකයෙකු අනවශ්‍ය බවත් ඉදිරියටත් රටේ අනාගතය භාර දිය යුත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට බවත් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පවසනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාතර දිස්ත්‍රික් මැතිවරණ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීම අද සිදුකෙරුණා.
මාතර වෙරළ පාර පරිශ්‍රයේ පිහිටුවා ඇති කාර්යාලය විවෘත කිරිමේ අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන, අමාත්‍ය කංචන විජේසේකර යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්වුණා.