පුද්ගල කේන්ද්‍රීය වැඩපිළිවෙලෙන් ඉවත්ව සියලු දෙනාට සාධාරණ ජනාධිපතිවරණයක් සදහා කටයුතු කරන්නැයි මව්බිම ජනතා පක්ෂයේ නායක ව්යවසාක දිලිත් ජයවීර මහතා ඉල්ලා සිටිනවා.
ජනාධිපතිවරණයට අදාළ යෝජනා සිවිල් සංවිධාන විසින් ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතා වෙත ලබාදීම අද සිදුකෙරුණා.
ඒ බොරැල්ල මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේ දීයි.
මව්බිම ජනතා පක්ෂයේ නියෝජ්‍ය සභාපතිනි අනුරාධා යහම්පත් මහත්මිය සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.