ඉතිහාසයේ පළමු වතාවට ලයින් කාමරවල ජීවත් වන ජනතාවට ගම්මානයක ජීවත්වීමේ අයිතිය ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
කදුකරයේ දෙමළ ජනතාවට සමාජ සාධාරණත්වය ඉටු කිරීම තම අරමුණ බවයි ජනාධිපතිවරයා පවසන්නේ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයින් සමග සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
නුවරඑළිය ව්‍යාපාරික ප්‍රජාව මුහුණදී ඇති ගැටලු පිළිබදව ද මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කෙරුණා.
ආර්ථික අර්බුදයෙන් මුදා ගනිමින් රට ඉදිරියට ගෙනයාමේ වැඩපිළිවෙළට පූර්ණ සහාය පළකරන බවයි නුවරඑළිය දිස්ත්‍රික් ව්‍යාපාරික ප්‍රජාව මෙහිදී ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළේ.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නුවරඑළිය දිස්ත්‍රික් විද්වත් වෘත්තිකයින් අතර හමුවක් නුවරඑළියේ දී පැවැත්වුණා.
ආර්ථික වශයෙන් රට ඉදිරියට ගෙනයාමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන වැඩපිළිවෙළ ආපස්සට හැරවීමට ඉඩ නොදෙන බවයි විද්වත් වෘත්තිකයින් මෙහිදී අවධාරණය කළේ.
විදුහල්පතිවරුන් ඇතුළු නුවරඑළිය දිස්ත්‍රික්කයේ වෘත්තිකයින්ගේ ගැටලු ද මෙහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණා.