කඳුරට ජනතා පෙරමුණ මෙවර පැවැත්වෙන ජනාධිපති මැතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්විමට පියවර ගෙන ඇති බව එම පෙරමුණේ නායක නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්ත්‍රී රාධා ක්‍රිෂ්ණන් මහතා පවසනවා .
තලවාකැලේ තානායම් ශාලාවේදි ඊයේ (10) දින පැවති එම පෙරමුණේ සමාජික හමුවක් අමතමිනුයි මේ බව පැවසුවේ .
එහිදී වැඩි දුරටත් අඳහස් දැක්වූ රාධා ක්‍රිෂ්ණන් මහතා
අප පෙරමුණේ සාකඡ්චා දෙක තුනක් පැවැත්තුවා ඉදිරි ජනාධිපතිවරණයේදි සහාය දෙන්නේ කාටද කියලා එහිදී තීරණය වුණේ මෙවර ජනාධිපතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතාට සහාය දිය යුතු බවයි . ඒ අනුව අප පෙරමුණ සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා දිමට පියවර ගන්නවා.
එම සහය දැක්විම අපි නිකම්ම කරන්නේ නැහැ අපි ඔහු සමඟ කොන්දේසි කීපයකට එකඟ වෙලායි එම සහාය දැක්විම කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා මැයි පළවන දින කීවා වතු කම්කරු වැටුප රුපියල් 1700 කරන බව එවිට අපේ සමහර වතු කම්කරුවන් කිරි බත් උයලා බෙර ගහලා රතිඤ්ඤා පත්තු කරලා එය සැමරුවා. එත් මොකද්ද වුණේ එම වැටුප් වැඩි වීම් ලැබුණද ? දැන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියනවා තමන් එහෙම කිවුවේ නැහැ කියලා . මොනවාද මේ කතා දැන් කියනවා වතු ගම්මාන බවට පත් කරනවා කියලා අපි කුයින්ස්බේරි වත්ත ගමු එය ගම්මානයක් කලා කියලා වතු කම්කරුවන්ට වැඩක් තියෙනවාද.
අපි කියන්නේ වතු කම්කරුවන්ට මෙහි ඉඩම් ඕන කියලා අපි සින්නකර ඉලන්නේ නැහැ අපි කියන්නේ අවුරුදු 30කට අපේ වතු කම්කරුවන්ට මේ ඉඩම් බදු දෙන්න කියලා එවිට ඒ අයට පුලුවන් එහි දළු විකුණලා ජීවත් වෙන්න සජිත් ප්‍රේමදාස මහතා අපිට පොරොන්දු වෙලා තියෙනවා මේ වතු කොටස් කරලා මේ ජනතාවට ලබාදීලා මේ වතු කම්කරුවන් කුඩා තේ වතු හිමියන් බවට පත් කරන බව.
අපි සහාය දක්වනවා කියලා නිකම් ඉදලා හරි යන්නේ නැහැ අපි සජිත් ප්‍රේමදාස මහතා දිනවීමට පියවර ගත යුතුයි. එම නිසා අපි කවුරුත් දැඩි කැපවිමකින් මෙවර ජනාධිපති මැතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතාගේජයග්රහණය වෙනුවෙන් කටයුතු කල යුතුයි.