ගම්පහ ප්‍රදේශ කිහිපයකට අද ජල සැපයුම අත්හිටුවනු ලබන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව අද පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා පැය 12ක කාලයක් එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.
පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක හා සීදූව යන නගර සභා බල ප්‍රදේශවලට, කැලණිය, බියගම, මහර, දොම්පේ, කටාන හා මිනුවන්ගොඩ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙන්ම ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු බව මණ්ඩලය සඳහන් කළා.
විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකෙරෙන බවටයි මණ්ඩලය දැනුම් දී ඇත්තේ.