සර්බියාවේ / ලිතියම් කැණිමේ ව්‍යාපෘතියකට විරෝධය දක්වමින් දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වුණා.
අදාළ ලිතියම් කැණිමේ ව්‍යාපෘතිය හරහා භූගත ජලය දූෂණය වන බවයි විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ.
ඒ හේතුවෙන් එම ව්‍යාපෘතිය සම්පුර්ණයෙන්ම අත්හිටුවන ලෙස ඔවුන් රජයට බල කර සිටිනවා.
එමෙන්ම එම ව්‍යාපෘතිය හරහා මහජන සෞඛ්‍යට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව ද විරෝධතාකරුවන් පෙන්වා දෙනවා.
ඊයේ බෙල්ග්‍රේඩ් අගනුවරදී පැවති උද්ඝෝෂණය සදහා දහස් ගණනක පිරිසක් එක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.
කෙසේ වුවද යුරෝපයේ හරිත බලශක්ති සංක්‍රාන්තිය සදහා මූලික බලශක්ති ප්‍රභවයක් ලෙස ලිතියම් භාවිත කෙරෙනවා.