රාජගිරිය ප්‍රදේශයේ නිවසක සිදු කළ වැටලීමකදී ගිනිඅවි ඇතුළු ආයුධ රැසක් සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර යුද හමුදාවෙන් හා ගුවන් හමුදාවෙන් සේවය අතහැර පළා ආ පුද්ගලයින් දෙදෙනෙක් ද වූ අතර සැකකරුවන් 7 දෙනාගෙන් ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශය පියවර ගෙන තිබුණා.
ඒ අනුව රාජගිරිය ප්‍රදේශයේ නිවසක් අද පරීක්ෂා කෙරුණේ සැකකරුවන්ගෙන් අනාවරණය කරගත් කරුණු මතයි.
නිවසේ තිබී T56 වර්ගයේ ගිනි අවියක්, T56 උණ්ඩ 300කට අධික ප්‍රමාණයක් මිලිමීටර් 9 උණ්ඩ 50ක් මයික්‍රෝ පිස්තෝලයක් ඇතුළු ආයුධ තොගයක් සොයා ගැණුනි.
එම නිවස විදෙස් රටක සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුට අයත් බවට සැක පළ කරන අතර පසුගිය සමයේ කොළඹ ප්‍රදේශයේ සිදුවූ අපරාධ රැසකටම එම ආයුධ යොදාගන්නට ඇතැයිද පොලීසිය සැක පළ කරනවා.