තමන්ට සහාය දක්වන මහජන නියෝජිතයන් ඇතුළු සියලු දෙනාගේ දේශපාලන අනාගතය සුරක්ෂිත කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා.
හිටපු පළාත් පාලන ආයතන ප්රධානීන්ගේ සංසදයේ පූර්ණ සහායත් ජනාධිපතිවරයාට හිමි වුණා.
හිටපු පළාත් පාලන අයාතන ප්රධානීන්ගේ සංසදයේ විශේෂ හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
හමුව පැවැත්වුණේ මහනුවරදීයී.
රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට ජනාධිපතිවරයා ආරම්භ කර ඇති වැඩපිළිවෙල මෙහිදී හිටපු පළාත් පාලන ආයතන ප්රධානීන්ගේ පැසසුමට ලක් වුණා.
හිටපු පළාත් පාලන ආයතන ප්රධානීන්ගේ සංසදයේ යෝජනා ඇතුළත් ලේඛණයක් ද මෙහිදී ජනාධිපතිවරයා වෙත භාර කෙරුණා.